9 හැවිරිදි සිසුවියක අපයෝජනය කළ බව කියන හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ (19) අදාළ පෞද්ගලික උපකාරක පංතියකදී අදාළ දැරිය අපයෝජනයට ලක් කළ බවට වූ පැමිණිල්ලක් මත සැකකාර ගුරුවරයා ඊයේ (19) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ය.
සැකකරු අද (20) අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත ය.
සැකකාර උපකාරක පංති ගුරුවරයා හොරණ ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරයකු බව ද පොලීසිය පැවසී ය.







