FAST NEWS

24×7 Around the Globe

පාඨලීගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අද (02) නියෝග කළාය.  

රාජගිරිය ප්‍රදේශයේ දී රිය තරුණයකුට අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට නියම කර ඇති ඇතැම් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට මහාධිකරණය විසින් නියම කර ඇති ඇප කොන්දේසි මොනවා ද යන්න නිශ්චිත වශයෙන් දැනගැනීම සඳහා එහි මුල් නඩු ගොනුව පරික්ෂා කිරීම අවශ්‍ය බවය.

ඒ අනුව එම නඩුව ඔක්තෝම්බර් මස 07 වනදා යළි කැඳවීමට නියෝග කරනු ලැබීය.