FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ “කුඩු සඳා” අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා“ නමැති සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.   

38 හැවිරිදි මෙම සැකකාරියව මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.