FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලියේ දරුණු රිය අනතුරකින් 2 ක් මරුට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී  ධාවනය වෙමින් තිබූ  ලොරි රථයක්  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.   

මෙම අනතුරින් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් සහ එහි ගමන් ගත් කාන්තාවක්ය.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.