FAST NEWS

24×7 Around the Globe

මහනුවර යළි සෙලවෙයි

(ෆාස්ට් නිව්ස් |මහනුවර) –  අද පෙරවරුවේත් මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ.


පෙරවරු 07.06 ට පමණ භූ චලනය වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරයි.

කෙසේවෙතත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත.

පසුගිය 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් ද පොළොව සෙලවීමක් වාර්තා විය.