FAST NEWS

24×7 Around the Globe

06 සිට 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ සියලු පාසල්වල 6 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අද (02) සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.    

මේ අනුව පෙරවරු 7 .30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාවට අනුව අදාළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු අද සිට ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් සම්පූර්ණයෙන් විවෘත වන්නේ ලබන 8 වනදායි.

කොවිඞ් වසංගත තත්වය හමුවේ මාස කිහිපයක් වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුනේ පසුගිය මස 10 වනදායි.