FAST NEWS

24×7 Around the Globe

චීන මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් රියදුරන් ඉවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය පවසයි.

ඔවුන් සඳහන් කරන්නේ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයේදී  තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රිය ධාවනය අවධානම් බවයි.

දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ ඒ අනුව ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බවයි.