FAST NEWS

24×7 Around the Globe

චෝදනා ලැබූ සම්පායෝ සහ තිදෙනෙකුට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිගමුව  බන්ධනාගාර පොලිස් අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් තිදෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල කෙරුණි.

ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය 02 වන දා පොලීසියට භාර වූ අතර ඉන්පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණි.