FAST NEWS

24×7 Around the Globe

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නොතීසි නිකුත් කර තිබේ.

දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

ඒ අනුව ලබන 3 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි නොතීසි නිකුත් කර ඇත.

ලලිත් අනුර ජයසිංහ නැමති පොලිස් නිලධාරියෙකු සේවයෙන් පහ කිරීම පිළිබඳව දේශපාලන කොමිසම හමුවේ සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස වැඩබලන පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කර ඇත.