පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ද්විත්ව පුරවැසිභාවයට අදාළව මතුවූ චෝදනා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෑතකදී සම්මත කරගනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වෙනත් රටක පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුවට තේරීපත්විය නොහැකි බව දැක්වෙයි.
වෙනත් රටක පුරවැසිභාවය ඇති කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මැතිවරණයට පෙරාතුව හා ඉන්පසුවද විටෙන් විට කතාබහක් මතුවුවද ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුවන බවක් පෙනෙන්නට නොතිබිණි.







