FAST NEWS

24×7 Around the Globe

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඇතැම් මහේස්ත්‍රාත්වරුන් නීතිය ඉක්මවා සැකකරුවන්ට දඞුවම් පමුණුවන බවට ඉදිරිපත්වු පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය එම නියෝගය නිකුත් කර ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මේ පිළිබඳ සොයාබලා නොවැම්බර් මස 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස එහිදී නියෝග කළ බව අප වාර්තාකරු පැවසුවේය.

ඇතැම් මහේස්ත්‍රාත්වරුන් නීතිය ඉක්මවා සැකකරුවන්ට දඬුවම් ලබාදෙන බවත්, කොළඹ මොරවක හා තංගල්ල අධිකරණවලින් මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවත්, එසේ ඉදිරිපත් වූ පෙත්සම මගින් සඳහන් කර ඇත.

සුළු වරදකට වසර 4ක දඬුවමක් ලබාදිය යුතු නමුත් ඇතැම් අවස්ථාවල වසර 34 සිට 66 දක්වා එසේ දඬුවම් ලබාදෙන බවද එමගින් පෙන්වාදී තිබේ.

ඒ අනූව මෙය බරපතළ තත්ත්වයක් බව ප්‍රකාශ කර ඇති මහාධිකරණ විනිසුරුවරිය මේ ගැන සොයාබලා කරුණු දක්වන්නැයි කියමින් අධිකරණ අමාත්‍යවරයාට නොතීසි නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.