FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන සීමා නිර්ණයට පංච පුද්ගල කමීටුවක් පත් කෙරෙති.

නව පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කළ සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පවතින ගැටලු සොයා බැලීම සඳහා ඉදිරි දින කිහිපය තුළ රජය පස්‌ පුද්ගල කමිටුවක්‌ පත් කිරීමට නියමිතය.

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා තමන්ට ලැබී ඇති බලතළ ප්‍රකාරව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස්‌ මත මෙම කමිටුව පත් කිරීමට නියමිතය.

සීමා නිර්ණ අඩුපාඩු හා වැරදි සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවලට හා සිවිල් පුද්ගලයන්ට ඇති ප්‍රශ්න මෙම කමිටුව භාර ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව ලැබෙන පැමිණිලි විමර්ශනය කර අඩුපාඩු නිවැරදි කර ඒවා මේ වන විට ගැසට්‌ කර ඇති සීමා නිර්ණ වාර්තාවට ඇතුළත් කරන බව එම අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ පැවැසීය.

මැතිවරණ නීතිය අනුව පළාත් පාලන මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්විය යුතු බැවින් හැකි ඉක්‌මනින් කමිටුව පත්කර එම වාර්තාවේ අඩුපාඩු සකස්‌ කරන බව ද හෙතෙම කීය.