FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

ඒ, සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන විමසුමට ලක්කරමින් ය.

සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිසක් තෝරා ගැනීමට පියවර ගතයුතු යැයි ද ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

දිස්ත්‍රික්ක රැසක පාසල්වල පවතින ගුරු හිඟය පියවීමට නව පත්වීම්ලාභීන් අනියුක්ත කිරීමටද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.