FAST NEWS

24×7 Around the Globe

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට සජිත්ගේ පිලෙන් 4ක් යෝජනා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ සිව් දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.   

ඒ අනුව , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සඳහා යෝජනා වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පත් කිරීමට නියමිත බවය ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.