FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසයි.

සිදුකළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය සදහන් කර තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට අදාළ මුලික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

පසුගිය කාලවකවානුවේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ සිදුවීම් බහුලව සිදුවිය.

මිට අදාළව පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම තත්වය තුළ පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළු බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණ වේ.