FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී සියලු සැමරුම් අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලබන 20 වනදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු පළමු සැසිවාරය මීට පෙර පැවති ආකාරයේ සැමරුම් කිසිවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.   

ඒ අනුව පළමු සැසිවාරය ආරම්භයේදී පෙර පැවති ආකාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි නොපැවැත්වෙනු ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජයමංගල ගාථා ගායනා කිරීම පමණක් සිදුකිරීමට නියමිතය.

කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සහ ප්‍රතිඥා දීම සිදු කෙරෙනු ඇත.

අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍යකාරක සභා සභාපතිවරයා පත් කරගැනෙන අතර, පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති.