FAST NEWS

24×7 Around the Globe

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුගිරියේ දී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතුව හෙරොයින් 18g 730mg තිබූ බව පොලීසිය පවසයි.

අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (16) සවස 5.30ට පමණ මොරටුවාහේන ප්‍රදේශයේ දී මෙම සැක සහිත යතුරුපැදිය පරීක්ෂා කර තිබේ.

අත්අඩංගුවට සැකකරු වයස අවුරුදු 28ක් වු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, රසායනාගාර පිළියල කරන්නෙකු ලෙස සේවය කරන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (17) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.