FAST NEWS

24×7 Around the Globe

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳියකින් තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු පී.සි.ආර්.පරීක්ෂණසඳහා යොමුකර තිබේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සියලුම පළාත්වලින් වෙළෙඳුන් පැමිණීම හේතුවෙන් මෙම පරීක්ෂණය සිදුකිරීමටපියවර ගත් බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කළේය.

අද (16) පස්වරුවේ එම පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.

ඉදිරි සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පොදු ස්ථාන කිහිපයක පුද්ගලයින් 100 බැගින් මෙලෙස පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.