FAST NEWS

24×7 Around the Globe

දහම් පාසැල් යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කළ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට ද, ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇත.