FAST NEWS

24×7 Around the Globe

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් රටවල් 03 රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 494 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

අද (15) අළුයම සහ ඊයේ (15) රාත්‍රියේ ඔවුන් දිවයිනට පැමිණ ඇති බවට වාර්තා වේ.

අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 322 දෙනෙකුත් කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකුත් රැගත් ගුවන් යානා අද අළුයම දිවයිනට පැමිණ තිබේ.

තවද ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (15) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත.

දිවයිනට පැමිණි සියලු ගුවන් මගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර ඇති බව වාර්තා වේ.