FAST NEWS

24×7 Around the Globe

ඔන්ලයින් ක්‍රමයට මන්ත්‍රීවරුන්ගේ තොරතුරු එක්රැස් කිරීම අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයෙන් ලබාදීමට තිබූ කාලය අදින් (15) අවසන් කෙරේ.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ මේ සඳහා මන්ත්‍රීවරුන්ගේ දැඩි උද්යෝගයක් දක්නට ලැබුණු බවයි.

මේ වන විට මන්ත්‍රීවරුන් 175කට වැඩි පිරිසක් තම පෞද්ගලික තොරතුරු ලබාදී ලියාපදිංචි වී ඇති බවද ඔහු සඳහන් කළේය.