FAST NEWS

24×7 Around the Globe

ග්‍රෑන්ඩ්පාස් වැටලීමකින් 61ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) පොලිස් නිලධාරීන් 518ක් යොදා ගනිමින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන නිවාස සංකීර්ණයේ හදිසි සෝදිසි කිරීමක්  සිදු කර ඇත.

මෙහිදී නිවාස 870 ක් පරීක්ෂා කර ඇති අතර සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39 ක්, ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙති 07ක්ද සොයා ගැනුණි.