FAST NEWS

24×7 Around the Globe

තවත් 12 ක් සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12 දෙනෙකු සුවය ලබා අද (14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.   

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2658 කි.

සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 3දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 4දෙනෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් දෙදෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එක් අයෙක්ද වෙති.