FAST NEWS

24×7 Around the Globe

19 වෙනුවට 20 එයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය  සඳහා පියවර ගනිමින් සිටින බව අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

“සියලු ජන කොටස් ඇතුළත් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙමු” අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

නව කෙටුම්පත් යෝජනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.