FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ තොගයක් නාවික හමුදාව භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය ජූලි 28 වැනිදා සිට මේ දක්වා සිදුකළ විශේෂ වැටලීම්වලින් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 7552 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙන එමින් සිටියදී සහ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්මාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.