FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහ තද සුළං

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (14) දිනයේ සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං තත්වයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.