FAST NEWS

24×7 Around the Globe

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමට ලබා දී තිබු කාලය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ දේශපාලන පක්ෂවලට ඒ සඳහා නම් යෝජනා කිරීමට තිබූ කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබේ.

නමුත් එක්සත් ජාතික පක්ෂය ඊයේ(10) දිනය වනතුරුත් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් නොතිබුණි.

එසේම, අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේයය.

ඒ එහි පාර්ශවයන් ඒ සඳහා විවිධ නම් යෝජනා කිරීම හේතුවෙනි.