FAST NEWS

24×7 Around the Globe

එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන්නේ කවුරුන්ද යන්න අද දිනය තුළදී මැතිවරණ කොමිසම වෙත දන්වන බව එම පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.    

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද අද (14) පෙරවරු 9 .30 ට ආරම්භවීමට නියමිතව ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මෙන්ම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.