FAST NEWS

24×7 Around the Globe

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරුඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව එම මෘදුකාංගය මගින්නිරීක්ෂණය කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේය.

සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් සඳහා මුදල් අයකරන බවත් ඇය පැවසුවාය.