FAST NEWS

24×7 Around the Globe

සිසුන් 200 ට වැඩි පාසල්වලට පැනවූ සීමා ලිහිල් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උපදෙස් මාලාව සංශෝධන කර තිබේ. 

සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින වෙන්කර තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.

එහෙත්, කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සළකා බලා එම සීමා ලිහිල් කළ බව ලේකම්වරයා පැවසීය.