FAST NEWS

24×7 Around the Globe

අද වැඩ අරඹන නව අමාත්‍යවරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද වැඩ භාරගැනීමට නියමිතයි.
ඒ අනුව අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, ජී.එල්. පීරිස්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර සහ නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍යාංශවලදී වැඩ භාර ගැනීමට නියමිතය.

ඊට අමතරව ඩී.වී. චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නාලක ගොඩහේවා සහ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ද අද වැඩ භාරගැනීමට නියමිත බව වාර්තාවේ.

මීට පෙර අවස්ථා වලදී සුබ නැකත් බලා බොහෝ අමාත්‍යවරු වැඩ ආරම්භ කළද ඊයේ දිවුරුම් දීමේ උත්සවයේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් රජයේ වැඩ කරත්ය්තු ආරම්භ කරන ලෙසයි.

ඒ අනුව අමාත්‍යවරු බොහෝ දෙනෙක් අද දිනයේ වැඩ භාර ගනු ඇති.

මේ අතර තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නමල රාජපක්‍ෂ මහතා ලබන 19 වනදා වැඩ භාර ගැනීමට නියමිතය.