FAST NEWS

24×7 Around the Globe

කෝටි දෙදෙකක හෙරොයින් ගෙන ගිය යුවලක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් කිලෝග්‍රෑම් 2 කට වැඩිප්‍රමාණයක් සමඟ යුවලක් පිළියන්දල දී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෝටර් රථයකින් මේවා ප්‍රවාහනය කරමින් සිටි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම  හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවයි වාර්තාවේ.

ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ  සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 80 ක් සොයාගත් බවය.