FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීමේ බලය සජිත්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් නම් කිරීමේ බලය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා ඇති බව වාර්තා වෙයි.   

සාමාජික පක්ෂවල නියෝජිතයින් ඊයේ (11) පැවැත්වූ සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 7 ක් හිමි විය.