FAST NEWS

24×7 Around the Globe

මර්වින් සිල්වාහේ පුත් මාලක අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් දෙලක්ෂයක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් ජුලි මස 16 වනදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී සැකකරු ඊයේ (11) රාත්‍රී 08.40ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ..

ඔහු අද (12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.