FAST NEWS

24×7 Around the Globe

එජාප නායකත්වය තවදුරටත් රනිල්ට [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ජා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව එම පක්ෂය මිට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඊයේ (10) පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වුවද නව නිවේදනයත් සමග පෙනී යන්නේ ඔහු තවමත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නොමැති බවයි.