FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ නිරෝධායනය මධ්‍යස්ථාන තුල රැඳී සිටි පිරිස අතරින් තවත් 118 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව මේ දක්වා පුද්ගලයන් 29757 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර නිවෙස් වෙත පිටත්වගොස් ඇති බවයි කොවිඩ් – 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධයස්ථාන 39ක් තුල තවදුරටත් පුද්ගලයන් 3449 දෙනෙකු රැඳී සිටියි.