FAST NEWS

24×7 Around the Globe

සන්ධාන ලැයිස්තුවට එරෙහිව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පත්වීම් අහෝසි කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.

අදාළ නඩුව ගොණුකර ඇත්තේ නාගානන්ද කොඩිතුවක්කු නැමැති නීතීඥවරයෙකු විසින්.

ජාතික ලැයිස්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වාදුන් 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත වී නොමැති බව ද පෙත්සම්කරු එමගින් පෙන්වා දී ඇත.

එබැවින් අදාළ ජාතික ලැයිස්තුව සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.‍ෙශෝධනයක්>