FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපතිට රටින් පිටවීම තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – කුරුණෑගල බුවනක හෝටල් ස්මාරක නඩුවේදී එහි නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර ඇත.    

මීට අමතරව කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවීම වැළක්වීමේ නියෝගයක්ද කුරුණෑගල අධිකරණය විසින් නිකුත් කර තිබේ.