FAST NEWS

24×7 Around the Globe

රාජිතට හා ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිට සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඞ් රූමි යන අයට ලබන 28 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අද (10) සිතාසි නිකුත් කරනු ලැබීය.    

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව රාජිත සේනාරත්නට හා මොහොමඞ් රූමිට එරෙහිව පසුගිය ජූලි 31 වැනිදා නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කළ අතර , ඊට අදාළව මෙම සිතාසි නිකුත් කළේය.