FAST NEWS

24×7 Around the Globe

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්කනස්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි වීමේ හැකියාවක් ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි.

මේ පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල රළ මීටර් දෙකත් – දෙකයි දසම 5 ත් අතර අගයකින් ඉහල යාමේ හැකියාවක් පවතින බවද කාළගුණ නිවේදනයේ සදහන් වේ.

මෙම තත්වය ගොඩබිමට එන උස රළ නොවන බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.