FAST NEWS

24×7 Around the Globe

මත්පැන් ජාවාරම්වලට අදාළ 331 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.   

ගතවූ පැය 24 තුළදී මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

හෙරොයින් සමඟ සැකකරුවන් 122 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී මත්පැන් සමඟ 94 දෙනෙක් ද , අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැකකරුවන් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.