FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන්තොටුපලෙන් පළමු ගුවන් භාණ්ඩ යානය පිටවෙයි

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) – මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වන පළමු ගුවන් භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (09) ඩුබායි හරහා ඇමරිකාව බලා ගුවන් ගත විය. 


ඒ මෙට්‍රික් ටොන් 28ක ගුවන් භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.ඒ 2529 දරණ යානයෙනුයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ වැඩසටහනේ කොටසක් ලෙස එමිරේට්ස් ගුවන්සේවයට අයත් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 428 දෙනෙකු සමඟ ඊයේ සවස 4.30 ට පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය. මෙය එදින රාත්‍රී 7:30 ට පමණ මත්තලින් එක්සත් ජනපදය බලා පිටත් වූයේ මෙට්‍රික් ටොන් 28 ක ඇඟලුම් තොග සමඟිනි.