FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 4 ක්

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) –  කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.    

අදාළ සැකකරුවන් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට කර තිබූ නියෝගයකට අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊට අදාළ වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අත්අඩංගුවට ගැනීම සඳහා මොවුන් සිටින බවට සැක කෙරෙන ස්ථානවලට ගොස් තිබුණද ඔවුන් එහි නොසිටි බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන් අද දිනයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව විසින් පසුගිය මස 15 වනදා රාත්‍රියේ ඩෝසර කර තිබුණි.