FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ.

පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ පරිශ්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විෂබීජහරණය කරනු ඇත.