FAST NEWS

24×7 Around the Globe

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.

මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි.

සමගි ජනබල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි.

ජාතික ජන බල වේගය , ඉලංගෙයි තමිල් අරසු පක්ෂය , අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිවිය.

ඊයේ (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිසමට භාර දුන්නේය.