FAST NEWS

24×7 Around the Globe

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (08) පියවර ගෙන ඇත.  

ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම තත්ත්වය හේතුවෙන්  ජලාශයට පහළ කොත්මලා ඔය පරිහරණය කරන ජනතාව දැඩි විමසිලිමත්ව සිටිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කරයි.