FAST NEWS

24×7 Around the Globe

හිටපු අමාත්‍ය මංගලගෙන් ජනතාවට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිශ්ශබ්දතාව බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් වන ලෙස හිටපු අමාත්‍ය මංගල සමරවිර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලු නිවැරදි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හිටපු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිදහසින් පසු, අන්තවාදය, නොඉවසීම, වෛරය සහ හඬ නඟන සුළු පිරිසකගේ ව්‍යාජ දේශ පේ‍්‍රමය හමුවේ බහුතරයක නිහඬතාවය අවසානයේ දී ජාතියක් වශයෙන් අද අප මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයේ කූටප්‍රාප්තිය බවයි.