FAST NEWS

24×7 Around the Globe

පළමු නිල ඡන්ද ප්‍රථිපලය පස්වරු 12 ට පෙර

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන මට්ටටමේ නිල ඡන්ද ප්‍රථිපලයක් පෙරවරු 11 .30 පමණ වන විට නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.     

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ද නිල තැපැල් ඡන්ද ප්‍රථීඵලය පෙරවරු 11 ත් 11.30 ත් අතර කාලයේදී නිකුත් කිරීමට හැකියාවක් ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී තිස්ස කරුනාරත්න මහතා කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිලධාරින් දහතුන්දහසකට ආසන්න පිරිසක් දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ කාර්යයේ නියැලි සිටින බව ද විදානපතිරණ මහතා වැඩිදුරටත් කියා සිටී.