FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) දිනය තුල සබරගමුව හා මධ්‍යම පළාත් වලත් , ගාල්ල , මාතර හා කලුතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සුළං වේගයේ වැඩිවීමක් හා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අද දිනයේදිත් අපේක්ෂා කරන බව කාළගුණ නිවේදනයේ දැක්වේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහල යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පවතියි.

එබැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.