FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසක විදුලිය බිද වැටීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (05) රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බව විදුලිබල මණ්ඩලය පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට අධික වැසි ඇදහැලෙමින් පවතින අතර ඒ සමග විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කරයි.

කලුතර , අවිස්සාවේල්ල , හෝමාගම නුවරඑළිය , රත්නපුර සහ පාදුක්ක ප්‍රදේශවලින් විදුලිය බැඳවැටීම් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක විදුලිය බැඳවැටීම වාර්තා වුවද ඡන්දය ගණන් කිරීමේ කටයුතුවලට එය බාධාවක් නොවන අතර ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සඳහා විදුලි ජනන යන්ත්‍ර යොදවා ඇති බවද සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේය.